බර්මියුඩා ත්‍රිකෝණයෙන් හමුවූ පිරමීඩය


බර්මියුඩා ත්‍රිකෝණයෙන් හමුවූ පිරමීඩය




කැරිබියානු මුහුදු කලාපයේ පිහිටා ඇති බර්මුඩා ත්රිකෝණය අබිරහස් ප්රදේශයකි. මෙම බර්මුඩා ත්රිකෝණය හරහා පියාසර කරන ගුවන් යානා නැව් රැසක් අතුරුදන් වී ඇත. අද වනතෙක් එම යානා සහ නැව්වලට සිදුවූ දේ හෙළි වී නැත. ඇමරිකානු සීඅයිඒ සංවිධානයට පවා බර්මුඩා ත්රිකෝණයේ අබිරහස හෙළි වී නැත. එහෙත් සාගර විශේෂඥයන් පවසන්නේ බර්මුඩා කලාපයේ ඇති අද්භූත බලවේගයන් මගින් නැව් හා ගුවන් යානා සාගර පත්ලට ඇදගන්නා බවයි. එසේ වුවත් බර්මුඩා සාගර පත්ල මෙතෙක් කිසිදු මුහුදු ගවේෂකයකු විසින් ගවේෂණයට ලක් කර නැත. මෑතකදී තවත් අබිරහස් හෙළි විය. ඒ විශාල පිරමීඩයක් මුහුදු පත්ලේ ඇති බවයි. අඩි 2000 ක් යට ඇති එම පිරමීඩය, ඊජිප්තුවේ පිරමීඩය මෙන් තුන් ගුණයක් විශාලය. එහෙත් සාගර පත්ලේ පිරමීඩයක් ඉදිකළේ කවුද?
මුහුදු ගවේෂකයන් දක්වන්නේ බර්මුඩා ත්රිකෝණය අසල දූපතක් සාගරයට ගිලා බැස ඇති බවත් එහි මෙම පිරමීඩය තිබූ බවත් ය.
එසේ වුවත් බර්මුඩා පිරමීඩය ගැන ඇමරිකානුවන්, ලතින් ඇමරිකානු පුරාවිද්යා ලේඛනවල සඳහන් වී නැත. මායාවරුන් දැවැන්ත ගොඩනැඟිලි නිර්මාණය කළත් බර්මුඩා පිරමීඩයට අදාළ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත. එහෙත් මෙම පිරමීඩය මායාවරුන්ට සම්බන්ධ බවට සැක කෙරේ. මේ සම්බන්ධව පරීක්ෂණ පසුගියදා ආරම්භ විය. ඉතාලියේ පොම්පේ නගරය හා ඇලෙක්සැන්ඩි්රයා නගරය මුහුදට ගිලා බැස්ස අයුරින් බර්මුඩා පිරමීඩය ද සාගර පතුලට ගිලා බැස ඇති බවට විද්යාඥයන් සැකකරති. මේ පසුබිම මැද ඉදිරි කාලයේදී බර්මුඩා පිරමීඩයට අදාළ තොරතුරු හෙළිවනු ඇත. අලුත්ම ආරංචිමාර්ග දක්වන්නේ සාගර පත්ලට යා හැකි රොබෝ යන්ත්රයක් මගින් එම නිරීක්ෂණ සිදුකරන බවයි. එහෙත් අඩි 2000 ක් යාහැකි රොබෝ යන්ත්රයක් මෙතෙක් නිර්මාණය වී නොමැත.

Comments

Popular posts from this blog

අධිස්වභාවික- ඇනබෙල් කතා වස්තුව

අඟහරු කක්ෂය මෙහෙයුම(Mars Orbitary Mission) නොහොත් මන්ගල්‍යාන්

අධිස්වාභාවික-මුහුණු දෙකෙ අරුම පුදුම මිනිසා