අධිස්වභාවික- ඇනබෙල් කතා වස්තුව


අධිස්වභාවික- ඇනබෙල් කතා වස්තුව


චිත්‍රපටියේ විදිහට නම් යක්ෂ ආත්මයක් අරක්ගත්ත මෙම සෙල්ලම් බඩුවට ඡීවිත හානි පවා සිදුකරන්න පුළුවන් .ඒ කතාවෙ එන ඇනබෙල් ඉතාමත් දරුණු පෙනුමක් ඇති පොසිලේන් බෝනික්කෙක්. නමුත් ඇත්තම ඇනබෙල් කතාව මීට ගොඩක් වෙනස් හැබැයි ඒකත් එච්චර සුන්දර සීන් එකක් නෙවෙ . භයානක සත්‍ය සිදුවීමක්,ඒ වගේම සත්‍ය බෝනික්කා ඉතාමත් ලස්සන රෙදි බෝනික්කෙක්.
1970 අවුරුද්දෙදි ඩෝනා කියන “”ගෑනු ලමයට “”ළමයෙක් කිවුවට මෙයා ටිකක් ලොකු කෙනෙක් වයස 28 වෙන හෙද සිසුවියක් වන මෙයාට ඇගේ අම්ම විසින් සෙල්ලම් බඩු සාප්පුවකින් ලස්සන බොනික්කෙක් ගෙනල්ල දෙනව. ලස්සන පෙනුමක් තියෙන මේ බෝනික්කට ඇය ගොඩාක් කැමති වෙනව. ඇය සහ ඇගේ මිතුරිය වන ඇන්ඡිට ටික කාලයක් යනකොට තේරෙනව අනිත් බෝනික්කන්ට වඩා මේ බෝනික්කගෙ වෙනසක් තියෙන බව.ඒගොල්ලන් නැති වෙලාවෙ මේ බෝනික්ක නිවාස සංකීර්ණයේ එහාට මෙහාට චලනය වෙලා තියෙන බවත් එක එක ඉරියව් වලින් වාඩි වෙලා ඉන්න බවත් මේ දෙදෙනා දකිනව .දවසක් මේ දෙන්න දකිනව help me කියල ලියපු හම් කොළයක් කාමරේ තියෙනව.නමුත් කවදාවත් ඔවුන් හම් වලින් සකසන කඩදාසි භාවිතා කරන්නෙ නෑ. එදා ඉඳල මේ බෝනික්ක කොළ කෑලි වල කුරුටුගාල මේ ගෑණු ළමයි වෙත පණිවිඩ එවනව. නිතරම මේ පණිවිඩ වලින් කියවෙන්නෙ මට උදව් කරන්න , අපිට උදව්කරන්න කියල.
තවදුරටත් මේ සිද්ධිය බලන් ඉන්න බැරි තැන මේ දෙන්න එකතුවෙල ගුප්ත පරීක්ෂකයෙක් අරගෙන එනව මේ හොල්මන් සීන් එක පරික්ෂා කරන්න .එයා මේ ගැන පරික්ෂා කරල තීරණය කරනව නිවාස සංකීර්ණය යට,කාලෙකට කලින් මිහිදන් කරපු ඇනබෙල් කියන ගෑණු ලමයගෙ ආත්මය මේ බෝනික්ක සමඟ බැඳිල තියෙනව කියල.මේ අහිංසක ළමා ආත්මය ගැන අනුකම්පා කරන ඩෝනයි එයාගෙ යාලුවයි මේ බෝනික්ක තවදුරටත් තියාගන්න තීරණය කරනව.
මේ සියලුම සිදුවීම් උඩුයටිකුරු වෙන්නෙ , මේ දෙන්නගෙ යාලුවෙක් වෙන” ලූ ”කියන හාදය මේ නිවාස සංකීරණයට යන එන එක පටන්ගැනීමත් සමඟ.මේ එන ලූ කියන හාදයත් මේ එපාට්මන්ට් එකේ නවතින අදහසත් එක්ක තමා එන්නෙ. මෙයාට නම් මේ බෝනික්කව අල්ලන්නෑ.. මෙයා යාලුවො දෙන්නට කියනව මේ විකාර බෝනික්කව වීසි කරල දාන්න කියල. ඒත් ඩෝනයි එයාගෙ මිතුරියයි මේකට කැමති වෙන්නෙ නෑ. බෝනික්ක කාමරේ තිබුන විදිහටම තියනව.ඒ සමඟම මේ නිවාස සංකීර්ණයේ ම නතර වෙච්ච ” ලූ” නිතරම හීනෙන් බෝනික්කව දැකල බයවෙන්න පටන්ගන්නව . හැමදාම රෑට බෝනික්ක ඇවිත් ලූගෙ බෙල්ල මිරිකනව වගේම ඔහුට පිටවී යන ලෙස බලපෑම් කරනව.
එක දවසක් මේ බෝනික්කගෙ අත් දෙකෙනුයි පිට පැත්තෙනුයි රතු පාට දියරමය දෙයක් වෑස්සිල ති‍⁣යෙනව කට්ටියට දකින්න ලැබෙනව. ඒ සමඟම කට්ටිය මේ බෝනික්ක පිළිබඳව දැඩි අවධානයකින් ඉන්න පටන්ගන්නව ,දවසක් ලූ සාලෙ පොඩි නැප් එකක් දාගෙන ඉන්න කොට බෝනික්ක ඉන්න කාමරෙන් අමුතු ශබ්දයක් ඇහෙනව. ලූ වහාම යනව ඒක බලන්න . එයා ආපහු එන්නෙ මරහඩ දීගෙන දුවගෙන. ඒ වෙනකොටත් ලූ ගෙ කමිසය ලෙයින් තෙත් වෙල, පපු ප්‍රදේශයේ විශාල නියපොතු පහරවල් තියෙනව. ලූට වෙච්ච දෙයක් හිතාගන්නවත් බෑ. එයාට අන්තිමට මතක බෝනික්ක එයා ලඟට ආව කියල විතරයි .
මේ දරුණු සිදුවීමත් සමඟ තමයි මේ සිද්ධියට ප්‍රසිද්ධ ගුප්ත විද්‍යා පර්යේෂකයන් වන එඩ් ,ලොරේන් යුවල සම්බන්ධ වෙන්නෙ. මේ දෙදෙනා මෙම බෝනික්කා තමන්ගෙ බාරයට අරගෙන පරීක්ෂණ පවත්වනව. එහිදී ඔවුන් අනාවරණය කරගන්නව මේ කුඩා බෝනික්කා තුළ පවතින ආත්මය ඇනබෙල් නැමැති දැරියගේ නොවන බව. මෙම බෝනික්කා තුළ අතිශය දරුණු යක්ෂ ආත්මයක් පවතින බවත්, ඇනබෙල් යනු ඒ ආත්මය විසින් බිලිගත් එක් ළමයෙකුගේ ආත්මය පමණක් බවත් ඔවුන් සොයාගන්නව. ක්‍රමක්‍රමයෙන් පුද්ගලයෙකු තමන් යටතට ගැනීමට මෙම යක්ෂයාට හැකියාව ඇති බව දැනගන්න ලෝරේන් යුවල මෙම යක්ෂ බෝනික්කා තමන්ගෙ ගුප්ත විද්‍යා කෞතුකාගාරය තුළ තැම්පත් කරනව.එදා සිට මේ දක්වාම බෝනික්කා හට දවසට දෙවරක් ශුද්ධ වූ ඡලය ඉසිනු ලබනව.ඒ බෝනික්කා සතුව පවතින යක්ෂ බලය දුර්වල කිරීමට, මෙම බෝනික්කා කෞතුකාගාරයෙහි පවතින වීදුරු පෙට්ටියක් තුළ තැම්පත් කර ඇති අතර ඇල්ලීම සපුරා තහනම් ලෙස සඳහන් දැන්වීමක් එහි පළකරල තියෙනව. මන්ද බෝනික්කා ඇල්ලුවහොත් එහි ගුප්ත ශක්තිය අල්ලන පුද්ගලයාගේ ශරීරයට එකතු වන නිසා ,එමගින් අල්ලන්නු ලබන පුද්ගලයට විශාල නපුරක් විය හැකි බව විශ්වාස කරනව.(අල්ලන්න ගිහින් එහෙම වෙච්ච පාදිලිවරු ඉඳල තියෙනව)
මේ අතර බොහෝ දෙනෙකුට ඇතිවුන ගැටලුවක් තමයි මොකද මේ යක්ෂ බෝනික්කා විනාශ නොකරන්නේ කියන එක. එඩ් , ලෝරේන් යුවල එයට දෙන පිළිතුර තමයි මෙම බෝනික්කා විනාශ කිරීමෙන් යක්ෂයා විනාශ නොවන බව. එය පවතින තැන දැනගතහොත් අපට එය පාලනය කරගන්න පුළුවන් බවත් බෝනික්කා විනාශ කලහොත් එය නිදහස් විය හැකි බවත් තමයි ඔවුන් ප්‍රකාශ කරන්නෙ.
🎃Okiku බෝනික්කා
මෙයා ඡපන් ඡාතික බෝනික්කෙක්.eikichi zuzuki කියන දාහත් හැවිරිදි පිරිමි ලමය විසින් ඡපානයේ ප්‍රසිද්ධ සෙල්ලම්බඩු සාප්පුවකින් මේ බෝනික්කව මිලදීගෙන තිබ්බෙ ඔහුගේ අවුරුදු දෙකක් වයසැති පුංචි සහෝදරියව තෑග්ගක් විදිහට .okiku නම් වූ මේ කුඩා දැරිය තම සහෝදරයා ගෙනල්ල දුන්න මේ බෝනික්කට අසීමිත විදිහට ආදරය කලා.ඇය හැමදාමත් මේ බෝනික්ක සමඟ සෙල්ලම් කලා.නමුත් බෝනික්ක ලැබිල ගොඩ කාලයක් යන්න කලින් ඒ පළාතට ආපු සීත කාලයත් එක්ක මේ කුඩා දැරිය සීතල ඉවසගන්න බැරුව මියගිය.ගෙදර කට්ටිය මේ කුඩා දැරිය සිහිවෙන්න මේ බෝනික්කව නිවසේ දෙවියන් යදින අල්තාරය මත තියල හැමදාම විශේෂ යාතිකාවක් සිදුකලා. මෙය ටික කාලයක් සිදුකරන විට අරුම පුදුම දෙයක් සිදුවෙන්න පටන් ගත්ත . ඒ තමයි මේ බෝනික්කගෙ කොන්ඩෙ වැවෙන්න පටන්ගත්ත එක. අදටත් මේ බෝනික්කගෙ හිසකෙස් කාලයත් සමඟ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගේ වැවෙනවා
🎃Mandy බෝනික්කා
මේ බෝනික්කගෙ විශේෂත්වය තමයි රාත්‍රියට මහා ශබ්දයෙන් බෙරිහන් දීම. වගේම මේ බෝනික්ක වේගයෙන් ඡනෙල් ඇරීම සහ වැසීම සිදු කරනව.බොහෝ කාලයක් මෙයාව බලාගත්ත පවුලෙ කට්ටියට මෙයා කරදරයක් වුන නිසා අවසානයෙදි මෙයාව කෞතුකාගාරයකට බාරදුන්න. අදටත් මෙයා එහෙ තමයි ඡීවත් වෙන්නෙ. කෞතුකාගාරයකට ගියා කියලත් මෙයාගෙ වැඩවල වෙනසක් වෙලා නෑ. මෙයා කෞතුකාගාරයෙහි සේවකයන්ගෙ කෑම අතුරුදන් කීරීම් , අවට තියෙන බෝනික්කන්ට හිරහැර කිරීම් සිදුකරනව.
🎃Letta බෝනික්කා
1972 දි කෙරී වෝල්ටන් නැමැති ළමය අඳුර කෙරෙහි තමන්ගෙ ඇතිවන බය නැතිකරගැනීම සඳහා හොල්මන් වලට ප්‍රසිද්ධ පාලු ගොඩනැගිල්ලක් තුළට යනව. එහි ඇවිදගෙන යනකොට ,ඔහුට දකින්න ලැබෙනව පොළව යට උමං මාර්ගයක්, මේ උමං මාර්ගයේ තරමක් දුර යනකොට තමයි ඔහුට පැරණි බෝනික්කව හම්බවෙන්නෙ. ඡිප්සි එනම් අහිකුණ්ඨිකයන් විසින් හදා ඇති බව පෙනුන මේ බෝනික්ක වෝල්ටන් විසින් තමන්ගෙ නිවසට අරගෙන එනවා බොහෝ මිනිසුන් විශ්වාස කරන්නෙ වසර දෙසීයකට පෙර දියේ ගිලී මිය ගිය තම පුතා වෙනුවෙන් රුමේනියානු ඡාතික ඡිප්සි කෙනෙක් මෙය සාදා ඇති බවයි . ඒ වගේම ඒ ඡිප්සි ලමයගෙ ආත්මය මේ බෝනික්ක සමඟ බැදිල ඇති බව තමයි විශ්වාස කරන්නෙ.
මේ බෝනික්කාගෙ ඡිප්සි සම්බන්ධය නිසා බෝනික්කට නම තියනව letta කියල. මේ බෝනික්කට තනියෙම ඇවිදීමේ හැකියාව තියෙනව. ඒ වගේම වචන කිහිපයකුත් කතාකරන්න පුළුවන් පුළුවන් කම තියෙනව. මෙය වාඩිකරලව තිබ්බම සිටින ඉරියව්ව තනියෙම වෙනස්කරගැනීමේ හැකියාවෙනුත් යුක්තයි. මේ බෝනික්කට තියෙන අමුතුම බලය තමයි කොයි කාලගුණ තත්වයක මෙයාව එළියට ගත්තත් , වැසි ඇඳ වැටෙන්න පටන්ගන්නව .
මේ බෝනික්ක කාමරයකට රැගෙන ගියොත් ඒ කාමරේ තියෙන සියලුම චායාරූප පැත්තට අැල වෙනව. ඒ වගේම මේ බොනික්කව සත්තුන්ට අසාමාන්‍ය විදිහට පෙන්නන්න බෑ. සතුන් දැකපු ගමන් බෝනික්කට කඩාපනිනව. ඒ වගේම මෙයා ගාවට යන අයට අසාමාන්‍ය බියක් හා ශෝකයක් එකවරම හිතට දැනෙන බව මිනිසුන් ප්‍රකාශ කරනව.
🎃Voodoo zombie බෝනික්කා
2004 අවුරුද්දෙ සිද්ධ වෙච්ච මේක නම් අරුමපුදුම සීන් එකක්, මේ බෝනික්කව හදල තියෙන්නෙ නිව් ඕලියන්ස් නම් zombie බෝනික්කන් හදන වෙළද සමාගමක් විසින්. ශාපලත් බෝනික්කන් හට ඇලුම් කරන ටෙක්සාස් ඡනපදයේ කාන්තාවක් e bay හරහා මෙය මිලදී ගෙන තිබෙනවා. අවසානයෙදි පාර්සලයක් ලෙසින් ඇගේ නිවසට පැමිණි මෙම බෝනික්කා සමඟ එහි නිෂ්පාදකයා විසින් දැඩි නීති රීති මාලාවක්ද ලබා දී තිබෙනවා..මේ බෝනික්කව ලබා දීල තියෙන්නෙ රිදී වලින් ආවරණය කරපු පෙට්ටියක දාල. මේ පෙට්ටියෙන් කිසිම විටෙකදි මේ බෝනික්කව එළියට ගන්න එපා කියල නිෂ්පාදකයා විශේෂයෙන්ම සඳහන් කරල තියෙනව. නමුත් මේ මෝඩ කාන්තාව ඒ උපදෙස් ගණන්නොගෙන බෝනික්කව පෙට්ටියෙන් ඉවතට අරගෙන කාමරයෙන් තියාගෙන තියෙනව .ඒ සමඟම බෝනිකගෙ ගුප්ත බලය නිදහස් වීම ආරම්භ වෙලා, හැමදාම් රාත්‍රියට සිහිනයෙන් බෝනික්ක ඇයව මරන්න උත්සාහ කරල. මැයට තත්වයේ බරපතල කම තේරුම් ගිය නිසා ඇය, වහාම බෝනික්කව නැවතත් e bay හරහා විකිණීමට දමනව. මෙය ගැනීමට ගැනුම්කරුවන් බොහෝමයක් ඉදිරිපත් වුනත් සිද්ධ වෙන්නෙ පුදුමාකාර දෙයක්. ඇය විසින් නව ගැනුම්කරුවන් හට බෝනික්කාව පෙට්ටියකට දමා තැපැල් කලත් , නව ගැනුම්කරුවන්ට ලැබෙන්නෙ හිස් පෙට්ටියක් . බෝනික්කා පෙර ලෙසම එම කාන්තාවගේ නිවසේ දොරකඩ සිටින්නේ ඇය එය තැපැල් නොකල ලෙසටයි. කෙසේ නමුත් වසර ගානක් එය තබාගැනීමෙන් අනතුරුව ඇය විසින් බූතයන් අල්ලන පුද්ගලයෙකු හට එම බෝනික්කව ලබා දෙනව.අද වනවිට බෝනික්ක සිටින්නෙ ඔහු සමඟයි.
උපුටාගන්නා ලදී

Comments

Popular posts from this blog

අඟහරු කක්ෂය මෙහෙයුම(Mars Orbitary Mission) නොහොත් මන්ගල්‍යාන්

අධිස්වාභාවික-මුහුණු දෙකෙ අරුම පුදුම මිනිසා