(4D) 4th Dimension-චාතූර්ථ මානය
(4D) 4th Dimension-චාතූර්ථ මානය මානයන්(dimensions) කියන්නෙ අපි ලෝකය දකින්නෙ මොන විදිහටද(perspective) වගේ දෙයක්. තවත් විදිහකට කිව්වොත් මොකක් හරි වස්තුවක් ගැන අපි විස්තර කරද්දී ඒ වස්තුවේ ස්වභාවය ගැන අපේ මනසේ මැවෙන චිත්‍රය වගේ දෙයක්.සිව්වෙනි මානය ගැන කතා කරන්න කලින් අපි බලමු මේ මානයන් කියන්නෙ මොනවද සහ පළමු දෙවන සහ තුන්වන මානයන් මොන වගේද කියන එක පලවෙනි වතාවට සබ්මැරීනයක් ගුවන් යානයක් වැඩිය ඕනි නෑ ලස්සන කෙල්ලෙක් දැක්කම අපි ඒක වෙන කෙනෙකුට විස්තර කරනවා කියලා හිතාගන්නකෝ. ඒ වස්තුවේ ප්‍රමාණය වගේම හැඩය ගැන විස්තර කරොත් මම ඒක කරන්නේ කොහොමද ? හිතන්න දිග, උස ගැඹුර වගේ දේවල් ගැන මට අදහසක් ගන්න පුළුවන් නේද ? එහෙම නම් ඒකට තමයි මානයන් කියල කියන්නෙ. අපි පළවෙනි මානයෙන් වැඩ පටන් ගනිමු.භෞතික විද්‍යාවේ තියෙන M,L,T මාන ගැන නෙවෙයි මේ…… 1 වන මානය (1st dimension ) පලමු මානයේ තියෙන්නෙ දිගක් පළලක් උසක් යන මේවායින් එකක් විතරයි.උදාහරණයක් විදියට ප්‍රස්තාරයක x අක්ෂය මගින් පමණක් නිරූපනය වන දෙයක්.එනම් තනි සරල රේඛාවක් වගේ. සරල රේඛාවක වස්තු 3 ක් ඉහත පරිදී තැබුවොත් A වස්තුවට B වස්තුව නිරූපනය වුවත්(පෙනුනත්) c